Eunuchs (Hijras)හෙවත් නපුංශකයන්(සමහර විට පොන්නයා යන අපහාසාත්මක වදනින්ද හඳුන්වයි )පළමුවරට හමුවන්නේ ක්‍රි.පූ.9 වන සියවසේදී චීනය තුලයි.නමුත් ඔවුන් ගැන දැන් චීනය තුල කතා බහක් නොමැති තත්ත්වයකට පත්ව ඇති මුත් ඉන්දියානු ජනතාව අතර ඔවුන් සුවිශේෂිතවයක් හිමිකරගෙන තිබේ.මෑතක් වන තුරු ඔවුන්ව ඉන්දියානු රජය විසින් පිලිගත්තේ නැත.එසේම ඔවුන්ට අනෙක් ඉන්දියානුවන් භුක්ති විදින අයිතිවාසිකම් ඒ අයුරින්ම භුක්ති විදිමේ අයිතියද අහිමිව තිබිණි.විදේශ ගමන් බලපත්‍ර හෝ වාහන පැදවීමේ බලපත්‍රයක් ගැනීම පවා ඔවුන්ට අහිමිව තිබිණි.එසේම රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව පවා ඔවුන්ට අහිමිය.මෙලෙස සමාජයෙක් කොන් කර තැබීම නිසා ඔව්න් ජීවත් වීම සඳහා සිඟමන් යැදීම,නර්තනය,සෙත් සාන්ති කිරීම සහ ගණිකා වෘත්තියේ යෙදීම ආදිය සිදු කරයි.
| නර්තනය ඔවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගයකි |
ඉන්දියානුවන් විශ්වාස කරන ආකාරයට ඔවුන්ට වාසනාව ගෙන ආ හැකි සේම දරුඵල ලබා දිය හැකි විශේෂ බලයක් Hijras සතුව තිබේ.අලුත දරුවෙක් උපන් වහාම Hijras එහි ගොස් දරුවාට ආශිර්වාද කරයි.සමහර අවස්ථාවල උපදින දරුවන් ද්විලිංගික නම් හෝ ලිංගික විකෘති සහිත නම් Hijras විශ්වාස කරන්නේ දරුවා ඔවුන්ගේ බවයි.එසේම දරුවාගේ අයිතිය ලබා ගැනීමට ද ඔවුන් ක්‍රියා කරයි.මෙවැනි ආකාරයේ විකෘති දරු උපතක් සිදු වූ වහාම එවැනි පවුල් තම දරුවාව Hijras වෙත ලබා දී සමාජයෙන් ඇතිවන අපකීර්තියෙන් මිදෙයි.
Hijras සමාජය වර්ධනය වන්නේ මෙලෙස අතහැර දමන දරුවන්ගෙන්ය.Hijra කෙනෙක් තමන්ගේ කැමැත්තෙන්ම සමාජය එක් නොවන්නේ යැයි පවසන්නේ ඒ නිසාය.කුඩා කාලයේදීම තම පවුල් වලින් ඔවුන් ඉවත් කිරීම ඊට හේතුවයි.Hijra කෙනෙක් කියන ආකාරයට " Hijra කෙනෙක්ට පිරිමි දේහයක්ද ,ස්ත්‍රී ආත්මයද තිබේ".
| ගණිකා වෘත්තිය ඔවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගයකි |
සත්‍ය වශයෙන්ම පුද්ගලයෙක් Hijra කෙනෙක් හෝ වෙනත් ලිංගික බෙල හීනයෙක්(නපුංසකයෙක් ) ලෙස උපදින්නේ සංසාරයේ කරන ලද වැරදි කාම සේවනයන් හේතුවෙනි.ඒ බුද්ධ දේශනාවේ සඳහන් වන ආකාරයයි.කෙනෙකුට එය පිලිගැනීමට හෝ බැහැර ලීමට හැකිය.ඒ බුදු දහම තුල වෙනත් ආගම් වල මෙන් බලයෙන් පැටවීමක් හෝ බල කිරීම් නැති නිසාය.
0 Comments