එක්සත් ජනපදය ආදී බටහිර රටවලින් ඇරඹි transgender සංස්කෘතියේ විප්ලවය දැන් ඉන්දියාවට පැමිණ තිබේ.ආසන්නතම උදාහරණය පද්මිණි ප්‍රකාශ් නම් transgender ප්‍රවෘත්ති නිවේදිකාවයි.31 හැවිරිදි ප්‍රකාශ් තමිල්නාන්ඩු ප්‍රාන්තයේ Coimbatore නගරයේ දෙමළ රූපවාහිනී නාලිකාවක සේවය කරයි.ඇය ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ඉදිරිපත් කල පළමු නිවේදිකාව බවට පත් ව තිබේ.ඇය transgender ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරිනියකි.ඒ වෙනුවෙන් ඇය දැඩි කැපවීමකින් කටයුතු කරයි.ඇය Coimbatore නගරය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන Lotus News නම් නාලිකාවේ සේවය කරයි.මාසයකට පමණ පෙර ඇයව එම නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස උසස් කර තිබේ. ඒ රාත්‍රී 7 ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටය.
" පද්මිණි මහන්සි වෙලා වැඩ කරන නිසා ඇයට කරන උදව්වක් ලෙසයි මෙවැනි දෙයක් කලේ" Lotus News නාලිකාවේ ප්‍රධානියා වන GKS Selvakumar, the Times of India පුවත්පතට එලෙස ප්‍රකාශ කර තිබේ. "අත්හදා බැලීමක් ලෙස කල මේ දෙයින් අපි තේරුම්ගත්තේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ඇයට හොඳ තැනකට පැමිණිය හැකි බවයි" ඔහු තවදුරටත් කියා සිටියේය.
"මම හුඟක් කණස්සල්ලෙන් සිටියේ මොකද මගේ වාග් විලාසය සහ නොසැලෙන සුළුව ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට මා සැලකිල්ල දැක්විය යුතු නිසා .මම හිතනවා ප්‍රේක්ෂකයෝ මාව තේරුම් ගනීවි යැයි කියා." - පද්මිණි
| ඉන්දියාවේ තුන්වන ලිංගිකයින් පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකල පසු |
"සැම මනුෂ්‍යයෙකුටම තමන්ගේ ලිංගිකත්වය තෝරාගැනීමේ අයිතිය තිබේ" යනුවෙන් අධිකරණය ප්‍රකාශ කර තිබේ.
පද්මිණි සේවය කරන Lotus News නාලිකාවේ නිලධාරියෙක් කියා සිටියේ " ඇය අනෙක් නිවේදිකාවන්ට වඩා හොඳින් ඉදිරිපත් කිරීම සිදුකරන බවයි.තවද ඇගේ ඉදිරිපත් කිරීමෙන් පසු ඇය පිළිබඳව ප්‍රේක්ෂකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන සහ බොහොමයක් ආයතන ප්‍රජාව දිරිගන්වන්නේ නැහැ,අපිට අවශ්‍ය එම තත්ත්වය වෙනස් කර ප්‍රජාව දිරිගන්න සුලු අවස්ථාවන් ඔවුන්ට ලබා දීමටයි" ඔහු තවදුරටත් කියා සිටියේය.
පසුගිය සමයේ සිදුකල සමීක්ෂණ වලින් හෙළිවූයේ ඉන්දියාවේ transgender ප්‍රජාව 490,000 සිටින බවයි.
පද්මිණී ඇගේ ලිංගික අනන්‍යතාවයේ ව්‍යාකූලත්වය නිසාම හිරිහැරට භාජනය වූවෙකි. ඒ නිසාම ඇයට පාසල හැරයාමට පවා සිදුවිය.ඇගේ පවුල පවා ඇයව භාර ගැනීම ප්‍රතික්ෂේප කරන ලදි. ඒ ඇයට වයස අවුරුදු 13දීය.ඉන් පසු ඇය පවුලේ අය සමග සබඳකම් පවා අතහැර දමන ලදි.දැන් ඇය තම සහකරුවා සහ දරුකමට ගත් පිරිමි දරුවා සමග සතුටින් ජීවත් වෙයි.
![]() |
| Rose Venkatesan |
"ඇය දැඩි වගේ අධිෂ්ඨානශීලී පුද්ගලයෙක් ,ඒවගේම මම දන්නවා ඇයට පුලුවන් මේ පීඩනය හසුරවගන්න" ඉන්දියාවේ පළමු transgender රූපවාහිනී talk show host වන Rose Venkatesan විසින් මෙලෙස පද්මිණී පිළිබඳව Times of India පුවත්පතට ප්‍රකාශ කර තිබේ.




0 Comments