සංක්‍රාන්තිලිංගිකයන්ගේ සමාජ ජාල

transgender-social-media

                   ලොව සුප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවි බොහෝමයක් ස්ත්‍රීන් සහ පුරුෂයන්ට පමණක් වෙන්ව තිබේ.එනම් ඔබ අදාල සමාජ ජාලයට සම්බන්ධ වීමේදී හෙවත් එහි සාමාජිකයෙක් බවට පත් වීමේදී ඔබේ ලිංගිකත්වය "ස්ත්‍රී" හෝ "පුරුෂ" යන්න තෝරා දිය යුතුය. එහෙත් එහි එම කිසිම ලිංගයකට අයත් නොවන්නන් සඳහා ඉඩක් වෙන් කර දී නොමැත.ඊට පිළියම් ලෙස අන්තර්ජාලය තුල සංක්‍රාන්තිලිංගිකයන්ට වෙනම සමාජ ජාල නිර්මාණය වී තිබේ.අද ලිපියෙන් එවැනි සමාජ ජාල වෙබ් අඩවි 2ක් හඳුන්වාදීමටයි  මා සූදානම් වන්නේ.

  • MatchTG.com





                      ඔබත් Transgenders සමග මිතුරු සබඳතා පවත්වන්න, ඔවුන් සමඟ සල්ලාපයේ යෙදෙන්න සහ තවත් බොහෝ දේ සඳහා  කැමැත්තකින් පසු වන්නෙක්ද එසේනම් MatchTG වෙබ් අඩවියට පිවිස බලන්න.සාමාජිකත්වය නොමිලේ.ඔබේ Profile එකක් සාදාගෙන අදම Transsexual සමාජයට එක් වන්න.මෙම වෙබ් අඩවිය Transgendersලා සමග දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් අපේක්ෂා කරන පුද්ගලයන්ට වඩා වැදගත් වේ යැයි සිතමි.


  • TGflix.com




                  TGflix  යනු ෆේස්බුක් ආදී සමාජ ජාල වෙබ් අඩවි වල පෙනුමට හා ක්‍රියාකාරීත්වයට සමාන වෙබ් අඩවියකි.Transsexual සමාජයෙන් ඔබට ඔබින මිතුරන් ඇති කර ගැනීමට ඔබේ විනෝදාංශ,ඔබ ඇළුම් කරනා දේ ඔවුන් හා බෙදාගැනීමට මෙය යෝග්‍ය වේ.