සංක්‍රාන්තිලිංගික යෙදුම් සම්බන්ධව කතා කරද්දී බොහෝදෙනාට පැටලිලි සහගතභාවයක් ඉස්මතු විය හැකිය.ඊට හේතුව එහිදී භාවිතා කරන බොහොමයක් යෙදීම් සමග සිංහල භාෂාව සමීප නොවීමයි.එනම් සිංහල භාෂාවේ ඊට අදාල වචන නොමැති වීමයි.මෙම ලිපිය හරහා එවැනි යෙදුම් කිහිපයක් පැහැදිලි කර ගනිමු.
1.ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයා නැතිනම් සංක්රාන්තිලිංගිකයා - Transgender
සමාජය විසින් පොදුවේ හඳුනා ගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ යන ලිංග දෙක පමණි.උපතින් ඔබට ලැබෙන ලිංගය පදනම් කරගෙන ඔබ ගැණියක්ද පිරිමියෙක්ද යන්න තීරණය වේ.ශිශ්නයක් සහිතව උපන්නේ නම් ඔහු පුරුෂයෙක්ද,යෝනියක් සමග උපන්නේ නම් ඇය ගැහැණියක්ද වශයෙන් හඳුන්වයි.නමුත් යම් අයෙක් ස්ත්‍රී ගති ස්වභාවයන්,සිතුවිලි සහිතව පුරුෂයෙක් වශයෙන් උපතක් ලැබුවහොත් ඔහු වෙතින් ස්ත්‍රී ලීලාවන් ප්‍රදර්ශනය විය හැකිය.එවැනි පුද්ගලයන් ට්‍රාන්ස්ජෙන්ඩර් හෙවත් සංක්‍රාන්තිලිංගික ගනයට වැටේ.මෙය ස්ත්‍රියක් ලෙස උපන් අයෙකුගෙනුත් දිස්විය හැකිය.නමුත් පිරිමි මනසක් සිතුම් පැතුම් සහිත ස්ත්‍රීන් සමාජය තුල දක්නට ලැබෙන්නේ කලාතුරකින්ය.
ට්‍රාන්ස්ජෙන්ඩර් කුලකය තුල අනෙකුත් උප කුලක වන ට්‍රාන්ස්සෙක්සුවල්,ට්රාන්ස්වෙස්ටයිස්,ජෙන්ඩර් ක්වීයර්ස්,ඩ්‍රැග් ක්වීන්ස්,ඩ්‍රැග් කින්ස් යන අනෙකුත් ලේබල් අන්තර්ගත වේ.
2.ට්‍රාන්ස්සෙක්සුවල් හෙවත් සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් සහ සංක්‍රාන්තිලිංගික පුරුෂයන් - Transsexual
තමන්ට උපතින් හිමි වූ ලිංගික අන්යන්යතාවය වෙනුවට විරුද්ධ ලිංගය තෝරාගත් සහ එම විරුද්ධ ලිංගයට ගැලපෙන අයුරින් සිය බාහිර ශරීර ලක්ෂණ වෙනස් කර ගැනීමට උත්සුක වන අයෙක් වේ නම් ඔවුන් ට්‍රාන්ස්සෙක්සුවල් උප කුලකයට වැටේ.ඔවුන් සංක්‍රාන්තිලිංගික පිරිමි සහ සංක්‍රාන්ති ලිංගික ගැහැණු වශයෙන් කොටස් දෙකකි.සංක්‍රාන්තිලිංගික ගැහැණුන් යනු පුරුෂ ලිංගය සහිත උපන් නමුත් තමන් ස්ත්‍රීන් යැයි හඳුන්වා ගන්නා පිරිසකි.
ඔවුන් සමාජය තුල ස්ත්‍රීන් වශයෙන් ජීවත් වන අතර ප්ලාස්ටික් සැත්කම්(මුහුණ,ඉඟටිය,පියයුරු,ලිංගික අවයව වෙනස් කර ගැනීමේ ශල්‍යකර්ම) සහ හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය සඳහා යොමුවේ.මෙම උප කුලකය තුල බහුතරය නියෝජනය කරන්නේ සංක්‍රාන්තිලිංගික පිරිමින්ය.
ඉන්පසුව ට්‍රාන්ස්සෙක්සුවල් උප කුලකය තවත් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.මෙම බෙදී යෑම සිදුවන්නේ ඔවුන් ලිංගික අවයව ඉවත් කිරීම සහ විරුද්ධ ලිංගයේ අවයව රෝපණය කර ගැනීම යන ශල්‍යකර්ම සිදු කරනවාද නැද්ද යන්න පදනම් කර ගෙනය.
පූර්ව-ශල්‍යකර්ම සංක්‍රාන්තිලිංගික - Pre-op transsexual
බාහිර ලිංගික අවයව වෙනස් කර ගැනීමේ ශල්‍යකර්ම සිදු කරගෙන නොමැති ට්‍රාන්ස්සෙක්සුවල් පුද්ගලයන් මෙම වර්ගයට අයත්වේ.උදාහරණයක් ලෙස සංක්‍රාන්තිලිංගික ස්ත්‍රියක් ගත හොත් ඇය තවමත් පුරුෂ ලිංගේන්ද්‍රය සහිතව වාසය කරයි.
පශ්චාත්-ශල්‍යකර්ම සංක්රාන්ත්රිලිංගික - Post-op transsexual
බාහිර ලිංගික අවයව ශල්‍යකර්ම මගින් වෙනස් කර ගත් ට්‍රාන්ස්සෙක්සුවල් පුද්ගලයින් මේ වර්ගයට ගැනේ.සංක්‍රාන්තිලිංගික ස්ත්‍රියක් උදාහරණයට ගතහොත් ඇය දැන් ශල්‍යකර්ම මගින් යෝනි මාර්ගයක් හිමි කරගෙන සිටියි.
ශල්‍යකර්ම නොකරගන්නා සංක්‍රාන්තිලිංගික - Non-op transsexual
බාහිර ලිංගික අවයව වෙනස් කර ගැනීමේ ශල්‍යකර්ම සිදු කර නොගන්නා සහ ඒ සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති ට්‍රාන්ස්සෙක්සුවල් පුද්ගලයින් මේ ගනයට වැටේ.උදාහරණයකට සංක්‍රාන්තිලිංගික ස්ත්‍රියක් ගතහොත් ඇයට උපතින් හිමි වූ පුරුෂ ලිංගේන්ද්‍රය එලෙසම තබා ගනියි.එනම් ඇය සිය ශිශ්නය නිසා අපහසුතාවයට පත් වන්නේ නැත.
3.Shemales
මෙම වචනය විශේෂයෙන්ම භාවිතා කරන්නේ නිල් චිත්‍රපට කර්මාන්තයේ නියුතුව සිටින පුර්ව-ශල්‍යකර්ම සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් හැඳින්වීම සඳහාය.සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් හැඳින්වීමට ලොව පුරා බහුලව භාවිතා වන වචනය වන්නේ Shemale යන්නයි.
4.LadyBoy
සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් තායිලන්තයේදී හැඳින්වීමට යොදා ගන්නා කැතොයි යන වචනයේ ඉංග්‍රීසි පරිවර්තනය වන්නේ ලේඩිබෝයි යන්නයි.ලේඩිබෝයි යෙදුම පිලිපීනය,මැලේසියාව ආදී ආසියානු රටවල පොදුවේ භාවිතාවේ.නමුත් එය නිල් චිත්‍රපට කර්මාන්තය තුල වඩාත් ජනප්‍රිය වී තිබේ.
5.ට්රාන්ස්වෙස්ටයිස් නොහොත් හරස්විලාසිතා - Transvestite/CrossDresser
සමහර තැන්වල ට්රාන්ස්වෙස්ටයිස් සහ ක්රොස්ඩ්රෙසර් යන යෙදුම් දෙකම පොදුවේ ගෙන කතා කරයි.තවත් තැනක ඒවාට එකිනෙකට වෙනස් අර්ථ දැක්වීම් ලබා දී තිබේ.පොදුවේ විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් අදින පිරිස මේ නම්වලින් හඳුන්වයි.අපගේ අත්දැකීම්වලට අනුව මෙවැනි චර්යාවන් සහිත පිරිමින් බහුතරයක් සමලිංගිකයන්ය.කාන්තා ඇදුමින් සැරසුන පිරිමින් ශ්‍රී ලංකාව තුල හඳුන්වන්නේ හරස්විලාසිනියන් හෝ හරස්විලාසිතාකරුවන් යනුවෙනි.ඔවුන්ට ස්ත්‍රී ඇදුමින් සැරසීමට විවිධ හේතු තිබිය හැකිය.සමහරක් ඉතරලිංගික පිරිමින්ද ලිංගික ආශ්වාදය සඳහා පමණක් කාන්තාවක් මෙන් සැරසී සිටියි.
බොහොමයක් හරස්විලාසිතා කරන පිරිමින් ප්‍රිය කරන්නේ කොමුපිළිවලට බව අපගේ නිරීක්ෂණයයි.
කෙසේවෙතත්,සංක්‍රාන්තිලිංගික ස්ත්‍රියක් බවට පත් වන්නෙකුගේ සංක්රාන්තියේ ආරම්භක අවදිය ලෙස හරස්විලාසිතා කරන සමය හඳුන්වාදිය හැකිය.හරස්විලාසිතාවල නියුතුවන සියලු පිරිමින් සංක්‍රාන්තිලිංගික ගැහැණුන් වන බව ඉන් කියවෙන්නේ නැත.මන්ද කලින් කී පරිදි හරස්විලාසිතා කිරීමට පිරිමින් පෙළඹන්නේ ඔවුන් උපතින් ලැබූ ලිංගය,සිතුම්පැතුම් සමග නොගැලපීම නිසාම නොවන බැවින්ය.එනම් වෙනත් හේතූන්ට තිබේ.
6.Drag queen / drag king
මොවුන් විරුද්ධ ලිංගිකයන්ගේ ඇදුම්වලින් සැරසුණද,ඔවුන් සමලිංගිකයන් යැයි ඉන් අදහස් වන්නේ නැත.සමාජ ශාලා,උත්සව ආදියේ සරදමට,කලාවක් වශයෙන් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා පමණක් ඒ සඳහා යොමුවේ.
7.අතරමැදි-ලිංගිකයෝ - Intersex
පොදුවේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ලෙස පිළිගන්නා කායික ලක්ෂණවලින් වෙනස් වූ දේහයක් සහිත උපදින පුද්ගලයෙක් මේ ඝනයට වැටේ.මොවුන් ස්ත්‍රී,පුරුෂ ලිංගේද්රයන්ගේ අඩු වැඩි වශයෙන් ලබා උපදියි.වර්ණදේහ විකෘතීන් හෝ හෝමෝන නිෂ්පාදනය වෙනස් වීම් මේවාට හේතු විය හැකිය.
