ඉතිහාසයේ සුප්‍රසිද්ධ ශිශ්න


වර්තමානයේ වැඩිදෙනෙක් විශ්වකෝෂයක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය භාවිතා කරන මුත් එහි "ලොව විශාලතම ශිශ්න " යනුවෙන් ලිපියක් නැත.තවද කොතරම් ලෝක වාර්තා පිළිබඳව තොරතුරු අන්තර්ජාලයේ අඩංගු වූවත් ලොව විශාලතම ශිශ්න සම්බන්ධව එවැනි ලිපියක් සොයා ගැනීම අසීරුය.
දන්නා පරිද්දෙන් මෙම වාර්තාවට හිමිකම් කියන්නෙක් සිටියි.නමුත් ඔහුව අභිබවා යා හැකි පිරිමින් ලොව කොතෙකුත් සිටිය හැකිය.නමුත් ඔවුන් ඉදිරිපත් නොවන්නේ වාර්තාවන්ට වඩා  තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සිතන නිසා හෝ වෙනත් හේතුන් නිසා වන්නට ඇති.විශාලතම ශිශ්නය තිබෙනවා යැයි සමහරු යොදාගෙන ස්වයං වර්ණනාවට ලක් කරගන්නා අයුරු අන්තර්ජාලය තුල දක්නට ලැබේ.මෙවන් වංචාකාරයන් සිටින නිසාත් ඉදිරිපත් වීමේ සම්භාවිතාව ඉතා පහළ මට්ටමක තිබීමත් නිසා ලොව ලොකුම(දිග වැඩිම ) සොයා ගැනීම අතිශය දුෂ්කර කාරණයකි.

අද ලිපියෙන් කථා කරන්නේ ලොව විශාලතම ශිශ්න ගැන නොවේ.ඉතිහාසය තුල සඳහන්  වන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ශිශ්න ගැනයි.සමහරුන් ගැන කියවෙන දේ මිත්‍යා වීමට බොහෝ දුරට ඉඩ තිබේ.මින් සමහරක් සිද්ධීන් වරදවා වටහා ගැනීම් වන අතර තවමත් එවැනි සිද්ධීන් ගැන කතා බහ කෙරේ.කරුණු සොයා නොබලා වාර්තා කිරීම සහ යම් යම් ඡායාරූප නිසා එවැනි තත්ත්වයන් ඇතිවිය.නමුත් එවැනි සිද්ධීන්  පිළිබඳව කුතුහලයෙන් පෙළෙන පිරිස් තවමත් සිටියි.මින් සමහරක් ඔවුන්ගේ ශිශ්න වල  විශාලත්වය නිසා ප්‍රසිද්ධ වූවන්ය.සමහරුන්ගේ ශිශ්න ප්‍රසිද්ධ වූයේ ඔවුන් ජනප්‍රිය,සුප්‍රසිද්ධ පුද්ගලයන් වු නිසාය.


Grigori Rasputin

                   
    රෂ්පුටින් ගැන නොදන්නා කෙනෙකු සිටිය නොහැකිය.ඔහු රුසියාවේ සිටි සාර් රජ පවුලේ සමීපතමයෙකි.කාන්තාවන් වශි කර ගැනීමේ විශේෂ හැකියාවක් ඔහුට තිබුණු බව ප්‍රචලිතය.එසේම ඔහු ගුප්ත පුද්ගලයෙක් බවද කියවේ.නමුත් ලෝක ඉතිහාසය තුල හමුවූ විශාලතම ශිශ්නය තිබුණේ මෙම රුසියානුවා සතුව බවයි කියවෙන්නේ.
                 වාර්තාවල සඳහන් වන අන්දමට ඔහුගේ ශිශ්නය සෘජු වූ පසු අඟල් 12ක දිගකින් යුක්ත වේ.නමුත් මෙම ශිශ්නය රෂ්පුටින්ගේම බවට සනාථ කල හැකි සාක්ෂි ලැබී නොමැත.ඔහු සාර් රජුගේ බිසව (සහ අවම වශයෙන් ඇගේ එක් දියණියක් )සමග යහන් ගත වූ බවටද කටකතා  ගෙතී තිබේ.ඉන්පසු ඔහු රාජකීය පවුලේ ප්‍රධානතම උපදේශකයා බවට පත් විය.පසුව ඔහු කුමන්ත්‍රණයකින් මරා දමන ලදි.මරා දැමීමෙන් පසුව ඔහුගේ ශිශ්නය සංරක්ෂණය කල බවත් ,ඉන්පසු කාලයක් ප්‍රංශ කාන්තාවන් පිරිසක් එයට වැදුම් පිදුම් කල බවත් ,ඒ බව දැන ගත් ඔහුගේ  දියණියක් එය ලබාගෙන මිය යන තෙක්ම තමා සන්තකයේ තබා ගන්නා ලද බවත් සඳහන් වේ.පසුව එය නම හෙළි නොකල අයෙකුගෙන් මිලදීගෙන දැන් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ කෞතුකාගාරයක තැන්පත් කර තිබෙන බව වාර්තා වේ.කෙසේනමුත් මෙම පුද්ගලයාත් සමග බැඳුණු මිත්‍යා කතා බොහෝමයක් තිබෙන නිසාත් මෙය බොහෝදෙනා විශ්වාස නොකරන බව පැහැදිලිය.


John Holmes



               නිල් චිත්‍රපට කර්මාන්තය සමග බැදුණු වඩාත් ප්‍රසිද්ධම නළුවා වන්නේ ඔහුය. John C. Holmes ,Johnny Wadd ආදී නම් වලින්ද John Curtis Holmes හඳුන්වයි.1944 උපන් ඔහු 1988 දී ඒඩ්ස් රෝගයට ගොදුරු වී මිය යන විට නිල් චිත්‍රපට 2250 කට රංඟනයෙන් දායක වී තිබිණි.ඔහු 1970 දශකයේ සහ 1980 දශකයේ සුප්‍රසිද්ධම නිල් චිත්‍රපට නළුවාද වේ.ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ විශාල ශිශ්නය නිසාය.නමුත් ඔහුගේ ශිශ්නයේ නියම මිනුම් කිසිවිටක අනාවරණය නොවීය.නමුත් එහි දිග ප්‍රමාණය පිළිබඳව ප්‍රමාණය ඉක්මවා සඳහන් කල බව වැඩි දුර සොයා බැලීමේදී පෙනෙන කරුණකි.ඔහුම සඳහන් කල අන්දමට එය අඟල් 12-15ත් අතර වේ.සමහර තැනක එය අඟල් 13.5ක් ලෙස සඳහන් කරයි.සත්‍ය නම් එය අඟල් 10-10.5 අතර දිගක් සහිත බවයි.කෙසේ නමුත් නිල් චිත්‍රපට කර්මාන්තය තුල ඔහු නොමැකෙන නමක් තැබුවේ මෙම විශාල ශිශ්නය නිසා බව නම් පැහැදිලිය.



Mandingo



                      නිල් ච්ත්‍රපට වල විශාලතම ශිශ්නය යන මැයෙන් හඳුන්වා ගන්නා Lex Steele, Mr BiggzJack NapierTony T සහ තවත් වංචාකාරයන් සිටියදී  Mandingo යන නමද විශාලතම ශිශ්නය යන්න ගැන කියවෙද්දී සිහියට නැගෙයි.ඔහු නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේදී Mandingo නමින් හඳුන්වන මුත් නියම නම Frederick Lamont ය.ඔහුම කියන පරිද්දෙන් ඔහුගේ ශිශ්නය අඟල් 13ක් දිගය.නමුත් එය ආසන්න වශයෙන් අඟල් 11ක් හෝ 12 විය හැකිය.1975 වසරේ උපන් ඔහු ඇමෙරිකානු ජාතික නිල් චිත්‍රපට නළුවෙකි.අතිවිශාල ශිශ්නය දරන බව ඔහුගේ වීඩියෝ පට බැලීමේදී පෙනී යන මුත් එය හුදු මවා පෑමක් බව සමහරුන්ගේ මතයයි.ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ Mandingo සමග රංඟනයේ යෙදෙන නිලියන් සාමාන්‍ය කාන්තාවකට වඩා ප්‍රමාණයෙන් කුඩා වීම නිසා ගේ ශිශ්නය අසාමාන්‍ය විශාලත්වයක් සහිතව දිස්වන බවයි.



Tommy Lee


                      බොහෝදෙනා නමින් Thomas Lee දන්නා Thomas Lee Bass උපන්නේ ග්‍රීසියේය.ඒ 1962 වසරේදිය .ඔහු ඇමෙරිකානු ජාතික සංගීතඥයෙකි.එසේම Mötley Crüe නම් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි.ඔහු සුප්‍රසිද්ධ නිළි Pamela Anderson සමග කලක් විවාහ වී සිටියේය.ඇයත් සමග රතී ක්‍රිඩාවේ යෙදී සිටියදී ගන්නා ලද විඩියෝවක් ඔහු විසින් ප්‍රසිද්ධියට පත් කිරීම ඔස්සේ ඔහුට විශාල ශිශ්නය තිබෙන බව ලෝකයා හමුවේ අනාවරණය විය.



Priapus


                      මීළඟ ශිශ්නයේ හිමිකරුවා සැබවින්ම ජිවත්වූවෙක් නොවේ.ඔහු ග්‍රීක දේව කතාවල එන දෙවියෙකි.පංශු සම්පත,පළතුරු වගාවන් සහ පුරුෂ ලිංගේන්ද්‍රයේ ආරක්ෂකයා ලෙස ඔහුව හඳුන්වයි.Lotis නම් දෙව් දුව දූෂණයට තැත් කිරීම නිසා සදාකාලික සෘජු වූ ශිශ්නය ඔහුට හිමිවිය.මෙම තත්ත්වය priapism නමින් හඳුන්වන සෘජු බවට පත්වූ ශිශ්නයක් යළි මුල් තත්ත්වයට නොපැමිණීමයි.



John Dillinger


                           ඇමෙරිකාවේ විසූ ප්‍රසිද්ධතම දාමරිකයෙක් සහ මංකොල්ලකරුවෙක් වූ John Herbert Dillinger (June 22, 1903 – July 22, 1934) අතිවිශාල ශිශ්නයකට හිමිකම් කියූ බව ප්‍රසිද්ධ වූයේ ඔහුගේ මරණයෙන් පසුවයි.කට කතා පැතිර ගියේ ඔහුගේ ශිශ්නය අඟල් 12-22 අතර දිගකින් යුක්ත බවයි.වසර 1934 දී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් මිය ගිය පසු ගන්නා ලද ඡායාරූපයක් ඔස්සේ මෙම කටකතාව පැතිර ගියේය.තවද ඔහුගේ ශිශ්නය ඉවත් කරගෙන ගොස් Smithsonian කෞතුකාගාරයේ තබා ඇතිබවටත් රාවයක් පැතිරිණි.සත්‍ය නම් එවැනි සංරක්ෂණය කරන ලද ශිශ්නයක් එහි නොමැතිවීමයි.නමුත් එම ශිශ්නය විවිධ ප්‍රදර්ශනයන්ට ඉදිරිපත් කරන මෙන් වසර ගණනාවක් යනතුරු කෞතුකාගාරයට ආරාධනා ලැබිණි.ඇත්ත වශයෙන්ම මිය ගිය පසු ශිශ්නය ඉවත් නොකල අතර එයත් සමඟම ඔහුව වළ දමන ලදි.John Dillinger මිය ගිය අවස්ථාවේ ගත් ඡායාරූපයක ශරීරයෙන් ඉවතට එසවී තිබෙන කොටසක්  හේතු කරගෙන ඔහුට විශාල ශිශ්නයක් තිබෙන බවට රාවයක් පැතිරිණි.නමුත් එය John Dillinger ගේ ශිශ්නය නොව අතක් බව පසුව හෙළිවිය.



Long Dong Silver




Long Dong Silver අසා පුරුදු නමක් නොවුවත් මොහු 70 දශකයේ අවසන් භාගයේත් 80 දශකයේ මුල් භාගයේත්  නිල් චිත්‍රපට නළුවෙක් ලෙස චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙන බ්‍රිතාන්‍ය කළු ජාතිකයෙකි.මොහුගේ නියම නම Daniel Arthur Mead ය.ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ අඟල් 18ක් දිග ශිශ්නය දරන නිසාය.නමුත් පසුව අනාවරණය වූයේ එය කෘත්‍රිමව නිර්මාණය කල එකක් බවයි.



Jonah Falcon




Channel Four නාලිකාවේ වාර්තා වැඩසටහනකට(World's Biggest Penis) අනුව ලොව දිගම ශිශ්නයේ වාර්තාවට මේවන විට හිමිකම් කියන්නේ Jonah Falcon නම් ඇමෙරිකානුවාය. ඔහු කියන ආකාරයට එය සෘජු වීමට පෙර අඟල් 11ද සෘජු වූ පසු අඟල් 13.5ක් දිගින් යුක්ත වන බවයි.



Post a Comment

0 Comments